කොරියාවේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ පළඟ ශූරතා අවසන් තරඟය සඳහා ශ්‍රී ලංකාව අද (30) සුදුසුකම් ලැබුවා. 
ඒ, මලයාසියාව සමඟ පැවති තරඟය ලකුණු 17 ට 12 ක් ලෙස ජයග්‍රහණය කරමින්. 
කෙසේ නමුත් අද පැවති තවත් තරඟයකදී සත්කාරක දකුණු කොරියානු පිල අතින් ශ්‍රී ලංකාව ලකුණු 22 කට 14 ක පරාජයක් ලැබුවා. 
ශ්‍රී ලංකාව ඊයේ තරඟාවලිය ආරම්භ කළේ තායිපේ කණ්ඩායම 33 ට 12 ක් ලෙස පරාජයට පත් කරමින්. 
එහෙත් හොංකොං සමඟ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට හිමිවූයේ ලකුණු 31 කට 14 ක පරාජයක්.



