Gossips

ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පහදන්න – තානාපතිවරුන්ට රජයෙන් උපදෙස්

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය බරපතල ලෙස හුවා දැක්වීමට ඇතැම් රටවල් කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙරට සංචාරක ආගමනයට බලපාන තත්ත්වයන් සමතුලිත කිරීම සඳහා අමාත්‍යාංශය සියලූ පියවර ගනිමින් සිටින බවයි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවදානමක් නොමැති බව අවධාරණය කරන අතරම ප්‍රවර්ධන කටයුතුද ඊට සමගාමීව සිදු කෙරෙනවා.
එමෙන්ම මෙරට දේශපාලන සිදුවීම් කිසිසේත්ම සංචාරක ආගමනය සඳහා බලපෑමක් ඇති නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ ප්‍රකාශ කළා.
එහිදී ඔහු කියා සිටියේ ඇතැම් රටවල්ප්‍රකාශයට පත් කර ඇති සංචාරක අවදානම් නියෝග මෙරට වාතාවරණය හා සැසඳිය නොහැකි බවයි.