ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ප්‍රවෘත්ති නව මානයකට එක්කළ පැත්ත ගියත් ඇත්ත කියන හිරු NEWS යළි යළිත් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන එකම ප්‍රවෘත්ති ප්‍රකාශය බවට පත් වී ඇති බව අප යලිත් ප්‍රකාශ කරන්නේ මහත් අභිමානයෙන් යුක්තවයි.
ජාත්‍යන්තර LMRB ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදුකරන සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය හිරු NEWS බව යලිත් තහවුරු වී තිබෙනවා.
දෙශීය SRL ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදුකරන සමීක්ෂණ වාර්තාවලට අනුවද ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය බවට හිරු NEWS පත්වුනා.
ලොව පිළිගත් වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමේ Alexa වාර්තාවට අනුව මාසිකව මිලියන 2.3 ක පරිශීලකයන් සතු ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති වෙබ් අඩවිය හිරු NEWS වෙබ් අඩවියයි.
ගූගල් Analytics දත්ත අනුව මාසිකව මිලියන 2.5ක පරිශීලකයන් සතු ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන්නේද හිරු NEWS ප්‍රවෘත්ති වෙබ් අඩවිය බව තහවුරු වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති විකාශයකට ඇති ඉහළම පරිශීලකයින් ප්‍රමාණය වන මිලියන 2කට ආසන්න Facebook පරිශීලකයන් සතු එකම ප්‍රවෘත්ති ප්‍රකාශය වන්නේද හිරු NEWS Facebook පිටුවයි.
දේශීය මෙන්ම ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය බවට පැත්ත ගියත් ඇත්ත කියන හිරු NEWS පත්කළ ඔබට අපගේ උත්තමාචාරය.