Gossips

ශ්‍රී ලංකාවේ වසරකට ස්වභාවික ගබ්සා 48,000ක්

ශ්‍රී ලංකාවේ වසරකට ස්වභාවික ගබ්සාවීම් 48,000ක් පමණ සිදුවන බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසනවා.
අදට (03) යෙදෙන ජාත්‍යන්තර උපත් ආබාධ දිනය වෙනුවෙන් ඊයේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු කියා සිටියේ වසරකට ලක්ෂ 4 ක් ගැබ් ගන්නා බවයි.
ඒ අතරින් තුන් ලක්ෂ තිස් එක්දහසක් පමණක් සජීවි දරු උපත් බිහිකරන බව ද වෛද්‍යවරයා සඳහන් කළා.