Gossips

ශ්‍රී ලංකාවේ වන අලි වඳවීමේ අවදානමක්

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වනඅලින් වදවීමේ තර්ජනයට ලක්ව ඇති බව පරිසරවේදීන් ප්‍රකාශ කරනවා.
1990 වර්ෂයේදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති වනඅලි සංඛ්‍යාව 22 ක් පමණ වන අතර, වර්තමානයේ වාර්ෂිකව මියයන වනඅලි සංඛ්‍යාව 250 ත් 300 ත් අතර වනවා.
ඉන් බහුතරයක් මියයන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බවයි පරිසරවේදී නයනක රන්වැල්ල ප්‍රකාශ කළේ.
ඊට අමතරව විදුලි වැටවල් ඉදිකිරීම හේතුවෙන් වයස අවුරුදු 5ත් 12 ත් අතර කුඩා වනඅලින් මන්ද පෝෂණ තත්ත්වය හේතුවෙන් ද මියයන බව සදහන්.
වැඩිම වන අලි ප්‍රමාණයක් මියයනු ලබන්නේ හක්කපටස් හේතුවෙන් අතර, වෙඩි තැබීම් සහ ඇත්දළ සදහා ඇතුන් දඩයම් කිරීම ද ඊට ඇතුළත්.