Gossips

ශ්‍රී ලංකාවේ වගවීම් ක්‍රියාවලිය ශක්තිමත් විය යුතු බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා කියයි

ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ජගත් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා.
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වන සැසි වාරය වෙත ශ්‍රී ලංකාව පිළිබද සිය වාර්තාව ගොනු කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
මානව හිමිකම් මණ්ඩල සැසි වාරය ලබන සඳුදා සිට මාර්තු 23 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.
කෙසේ නමුත්, ශ්‍රී ලංකාව සිය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීම ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ පැසසුමට ලක්වුණා.