Sports

ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝපා කාර්ටින් ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයකින් ජය ලබයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ්, බෙල්ජියමේ පැවැති 2021 යුරෝපා කාර්ටිං ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක් ජය ගත්තේ ය. 2021 යුරෝපා කාර්ටිං ශූරතාවලිය බෙල්ජියමේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි. එහි සුදුසුකම් ලැබීමේ තරග ඊයේ පැවැති අතර යෙවාන් ඩේවිඩ් එහිදී තරග කළේ, A සිට F කාණ්ඩය දක්වා වූ සුදුසුකම් ලැබීමේ තරගයටයි. යෙවාන් ඩේවිඩ් 14 හැවිරිදි වියේ පසුවෙයි.

The post ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝපා කාර්ටින් ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයකින් ජය ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.