Gossips

ශ්‍රී ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුර සිදු වූ කඳුවැටිය නැරඹීමට අවස්ථාව

දෙස් විදෙස් සංචාරයින්ට සප්ත කන්‍යා කදුවැටිය තරණය කිරීමට සහ එහි සංචාරය කිරීමට ළගදීම අවස්ථාව ලබාදෙන බව අඹගමුව ප්‍රාදේශීය සභාව පවසනවා.
එහි සභාපති ජයශංක පෙරේරා කියා සිටියේ සප්ත කන්‍යා කදුවැටියේ කදු 7 න් කදු 6 ක් තරණය කිරීමටත්, එහි අනෙක් කදුවැටියේ නැරඹුම් මැදිරියක් ස්ථාපිත කිරීමටත් කටයුතු කරන බවයි.
මෙතෙක් ලංකාවේ වාර්තා වූ බිහිසුණුම ගුවන් අනතුර සිදුවූ කඳුවැටිය ලෙසටයි මෙය සැලකෙන්නේ.
කඳුවැටිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට සප්ත කන්‍යා කදු තරණය සහ ශ්‍රි පාද රක්ෂිතයේ වෙසෙන අලි රංචුව දැකබලා ගැනිමට අවස්ථාව උදාවන අතර කදුවැටියේ සිට ලක්ෂපාන දියඇල්ල, ඇබඩින් දියඇල්ල, කදුකරයේ විදුලි බලාගාර සහ ශ්‍රි පාද රක්ෂිතයේ සුන්දර පරිසරයද විද ගැනිමේ අවස්ථාව හිමි වනවා.