Gossips

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සජීවි ගායනා සහ සජීවි මනාපය රැගත් හිරු ස්ටාර් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියැලිටි වැඩසටහන, හිරු ස්ටාර් ශ්‍රී ලාංකීය රූපවාහිනි ඉතිහාසයේ නව සටහනක් තබමින් අද (19) ආරම්භ වුනා.
හිරු ස්ටාර් වැඩසටහනේදී ප්‍රේක්ෂකයින්ට තමාගේ අභිමතය පරිදි සජීවිව මනාපය පළ කිරීමේ අවස්ථාව සැලසෙන්නේ ද ශ්‍රී ලංකාවේ පළමු වරටයි.
මෙරට රියැලිටි වැඩසටහන් ඉතිහාසයේ දැවැන්ත විප්ලවයක් සිදුකරන හිරු ස්ටාර්, රාත්‍රී 7.30 සිට හිරු ටී.වී. ඔස්සේ නරඹන අතරම, ප්‍රේක්ෂකයින්ට ද ඊට සජීවිව සම්බන්ධ වීමට හැකියාව පැවතීම එම විශේෂත්වයයි.
මෙරට රියැලිටි ඉතිහාසයේ ප්‍රථම වරට තරඟකරුවන්ට මනාපය පළ කිරීමට එම අවස්ථාවේදීම ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සැලසෙන අතර, සජීවීව මනාපය පළ කරන්නාගේ රුව ද දැවැන්ත ඩිජිටල් තිරයේ ඒ මොහොතේදීම දිස්වනවා.
මෙය අති දැවැන්ත නවීනතම තාක්ෂණික ක්‍රියාවලියක් ඔස්සේ සිදුකෙරෙන අතර, සුවිශේෂී වූ ආලෝකකරණ, රූප සහ නාද රටා උපයෝගී කර ගැනෙන හිරු ස්ටාර් වැඩසටහන ප්‍රේක්ෂකයන්ට පෙර නොලැබුණු සුපිරි රියැලිටි අත්දැකීමක්.
අද සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම හිරු ස්ටාර් රියැලිටි වැඩසටහන ඔබට නැරඹිය හැකියි.
එසේම, හිරු ස්ටාර් මොබයිල් ඇප් මෘදුකාංග යෙදවුම බාගත කිරීම මගින් සජීවි ගායනා සදහා ඒ මොහොතේදීම මනාපය පළ කිරීමටත්, ඔබේ රුව ද ඒ මොහොතේදීම ඩිජිටල් තිරයේ දිස් කර ගැනීමටත් අවස්ථාව සැලසෙනවා.
හිරු ස්ටාර්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, සජීවි ගායනා සහ සජීවිව මනාපය පළ කිරීමේ රියැලිටි අත්දැකීමයි.
'හිරු STAR' Mobile App ලබාගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.