Gossips

ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව – රාවණා – 01, අප්‍රේල් මාසයේදී උඩුගුවනට

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කළ රාවණා එක චන්ද්‍රිකාව අප්‍රේල් 17 වනදා කක්ෂගත කිරීමට නියමිත බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
එය පසුගියදා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත භාරදුන් බවයි එම මධ්‍යස්ථානයේ සන්නිවේදන ඉංජිනේරු අංශයේ අධ්‍යක්‍ෂ ජේ.කේ. ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
එය ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවරට කක්ෂගත කෙරෙන චන්ද්‍රිකාවයි.
ගණක චන්ද්‍රිකාවක් වන මෙය ඝන සෙන්ටිමීටර දහසක විශාලත්වයකින් යුක්තවන අතර, එහි බර කිලෝග්‍රෑම් 1.5 ක් වනවා.
මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන්ම කක්ෂගත කිරීමට වැයවන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතින බව සඳහන්.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර 400 ක් පමණ දුරින් රාවණා – 1 චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට නියමිතයි.