Gossips

ශ්‍රී ලංකාවේ නව තානාපතිනියට ඇමරිකානු සෙනට් සභාවේ අනුමැතිය

ඇලයිනා බී. ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මීළග ඇමරිකානු තානාපතිවරිය ලෙස එරට සෙනට් සභාව තහවුරු කර තිබෙනවා.
ඇය මීට පෙර නේපාලයේ ඇමරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කළා.
ඊට අමතරව, ඕස්ට්‍රේලියාව, ඇල්බේනියාව, මොංගෝලියාව යන රටවල මෙන්ම, බංග්ලාදේශයේ ඇමරිකානු තානාපති කාර්යාල වල ඇය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරේ නිරතව තිබෙනවා.
මේ අතර, කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය අපගමනය වීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුවන බවයි.
විශේෂයෙන් ජනාධිපතිවරණයක් එළඹෙන මොහොතේ ව්‍යාජ චෝදනා මත රදවාගෙන සිටින විපක්ෂ දේශපාලනඥයන් නිදහස් කර එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මුළුමනින් ක්‍රියාවට නංවන ලෙස ද ඇමරිකා එක්සත් ජනපදය මාලදිවයිනෙන් ඉල්ලීමක් කළා.