Gossips

ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය ‘‘ඊ’’ – 01

සැලසුම්ගත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ විදේශ මුදල් සංචිතය ශක්තිමත් කිරීම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ ක්‍රය ශක්ති වර්ගීකරණය ‘‘බී’’ 01 ලෙස මූඩි ආයෝජන සේවාව මගින් තහවුරු කර තිබෙනවා.
කෙසේ නමුත්, එය තවදුරටත් ඍණාත්මක පසුබිමක පවතින බවයි එමගින් සඳහන් කළේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1 යි දශම 5 ක ණය ආධාරය ලබන වසරේ ජුනි මාසයේදී අවසන් වීමට නියමිතයි.
එහි සහායෙන් ශක්තිමත් විදේශ සංචිතයක් ගොඩනැංවීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ක්‍රය ශක්තිය කෙරෙහි බාහිර සාධක බලපෑමේ අවදානම තවදුරටත් පවතින බව මූඩි ආයෝජන සේවාව ප්‍රකාශ කළා.