Gossips

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට කොදෙව් වේග පන්දුව හරස් වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරඟයේ තුන්වන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලැකුණු 81ක් රැස්කරගෙන සිටියාග
.
ඒ අනුව ශ්‍රී ලංකාව පිළට තරඟයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 63ක් ලබා ගත යුතව ඇති අතර ඒ සඳහා ඉතිරිව ඇත්තේ කඩුලු 05ක් පමණයි.
තුන්වන දිනට තරඟය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 99ක් රැස්කරගෙන සිටියා.
කෙසේ වෙතත් ජේසන් හෝල්ඩර් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 154කට සීමා කළා.
ඉන් අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රිඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 93කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූ අතර එහිදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලි පන්දු යැවීම කැපී පෙනුණා.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 144ක ඉලක්කයක් හිමි වූ අතර තුන්වන දිනට තරඟය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලැකුණු 81ක් රැස්කරනෙන සිටියා.
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට හිමිවූ ලකුණු 144ක ඉලක්කයට අහියෝගයක් වෙමින් කොදෙව් වේග පන්දු බලඇණිය ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් 04 දෙනෙකුම අඩු ලකුණු සංඛ්‍යාවකට නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වුණා.
කොදෙව් වේග පන්දුව හමුවේ තරමක් හෝ ආරක්ෂාවී සිටීමට උත්සහ කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 21කට දැවී ගියා.
තුන්වන දිනට තරඟය නතර කරනවිට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කුසල් මෙන්ඩිස් හා ඩිල්රුවන් පෙරේරා පිළිවෙලින් ලකුණු 25ක් සහ එක් ලකුණක් රැස්කරගෙන සිටියා.
පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු 04ක් දවා ගැනීමට මේ වන විට සමත්ව ඇති අතර ඔහු ශ්‍රී ලංකා පළමු ඉනිමේ බිඳ දැමු කඩුලු සංඛ්‍යාව 04ක්.
මේ අතර කොදෙව් දෙවන ඉනිමේ පන්දු රකිමින් සිටි කුසල් ජනිත් පෙරේරා අද, අබාධයකට ලක් වූ අතර හෙට දිනයේදී ඔහුට ක්‍රීඩා කිරීමට හැකියාවක් පවතීද යන්න පිළිබඳව
තවමත් නිල වශයෙන් දැනුම් දී නැහැ.
කුසල් පෙරේරා ආබාධයට ලක්වන අවස්ථාව.
rnrnrnrnrnrn