Gossips

ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩකයින්ට ඇමරිකාවේ දොර ඇරේ

ශ්‍රී ලංකාව නියෝජනය කරන කායවර්ධන ක්‍රීඩකයින් වැඩි පිරිසකට තහනම් උත්තේජක චෝදනා එල්ල වනවා.
මේ හේතුවෙන් එම ක්‍රීඩකයින්ට විදේශීය රටවල පැවැත්වෙන ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වීමට ඇති අවස්ථාව අහිමි වී යන බවයි පසුගියදා අනාවරණය වුණේ.
කෙසේ වෙතත් ඇමරිකාව තුල සංවිධානය කරන ජාත්‍යන්තර කායවර්ධන තරඟාවලි සඳහා සහභාගී වීමට මෙරට කායවර්ධන ක්‍රීඩකයින්ට කිසිඳු බාධාවක් නොමැති බව ජාත්‍යන්තර කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජිම් මැනිං පවසනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ලොව ඕනෑම රටක ක්‍රීඩකකුට ඇමරිකාව තුල සංවිධානය කරන කායවර්ධන තරඟාවලි සඳහා තරඟ කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් කිසිඳු බලධාරියෙකුගෙන් ඒ සඳහා කිසිම අවසරයක් ලබා ගැනීම අවශ්‍ය නොවන බවයි.
ඇමරිකාවේ, ඔහියෝ හි පැවති ආනල්ඩ් ක්ලැසික් කායවර්ධන තරඟාවලිය අතර තුර ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙනයාමට ස්වේච්ඡ්වෙන් ඉදිරිපත් වී සිටින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ශ්‍රී ලංකා කොන්සල්වරයා වන සුසන්ත සිසිල්චන්ද්‍ර සමඟ පැවති සාකච්ඡාවකදී ජිම් මැනිං මේ බව පවසා සිටියා.