Gossips

ශ්‍රී ලංකාවේ ඉන්දීය ව්‍යාපෘති මන්දගාමීවීම ගැන, මෝදිගේ අවදානය

ඉන්දීය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය මන්දගාමී වීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ලබන 19 වනදා සිදුකිරීමට නියමිත ද්වීපාර්ශවික සාකච්ඡාවලදී අවධානය යොමුකෙරෙනු ඇති බවයි "ද හින්දු පුවත්පත" වාර්තා කළේ.
මත්තල ගුවන්තොටුපල, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, පලාලි ගුවන්තොටුපල ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර මෙහිදී විශේෂ අවධානයට ලක් කෙරෙනු ඇති.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ව්‍යාපෘතීන් ගණනාවක් සඳහා ගිවිසුම් ගත වී ඇති නමුත් ඒවායේ ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ‘‘ද හින්දු පුවත්පත’’ වාර්තා කළා.
ඊට දේශපාලනික මෙන්ම නිලධාරීවාදය ද හේතු වී ඇති බවට එම පුවත්පත් වාර්තාවේ සඳහන්.
මත්තල ගුවන්තොටුපල සහ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකාව තුල දැඩි මතභේදාත්මක තත්ත්වයක් පවතින බවද හින්දු පුවත්පත පෙන්වා දෙනවා.
මීට මාසයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඉන්දියාවේ සංචාරයක නිරත වුණා.