Gossips

ශ්‍රී ලංකාවේ ඇඟළුම් නාමය ඉහළ නැංවීම ඉලක්ක කරගෙන ප්‍රදර්ශන 3ක්

ඇඟළුම් කර්මාන්තයේ ශ්‍රී ලාංකික කීර්තිනාමය ඉහළ නැංවීම සහ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම ඉලක්ක කර ගත් ප්‍රදර්ශන ත්‍රිත්වයක් මාර්තු 7 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.
රටවල් 5ක ප්‍රදර්ශකයන් 150කට අධික සංඛ්‍යාවක් සහභාගි වන මෙම ප්‍රදර්ශනය මගින් ඇඟළුම් පිළිබඳ මෙන්ම ඒ සඳහා යොදා ගැනෙන නවීන තාක්ෂණික යන්ත්‍රෝපකරණ හා රසායන ද්‍රව්‍ය පිළිබඳව ද අවධානය යොමු කෙරෙනු ඇති.