Gossips

ශ්‍රී ලංකාවේ අනූෂා,ඉන්දියාවේ මේරි කොම් සමඟ සටනට

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ අනූෂා දිල්රුක්ෂි කොඩිතුවක්කු සමත් වුණා.
ඇය අද පැවති පළමු අර්ධ අවසන් තරඟයේදී කේමන් දිවයින් නියෝජනය කරමින් තරඟ වැදුණු බ්‍රැන්ඩි බාන්ස් පරාජය කළා.
ඒ අනුව අප්‍රේල් 11 වැනිදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරඟයට ඇය සුදුසුකම් ලබා සිටිනවා.
එහිදී ඇය තරඟ වදින්නේ ඉන්දියාවේ සුප්‍රකට බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් සමඟයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මේ වනවිට රන් පදක්කම් 23 ක් ඇතුලූව පදක්කම් 62 ක් දිනා ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටිනවා.
රන් පදක්කම් 14 ක් සහිතව පදක්කම් 34 ක් දිනූ එංගලන්තය දෙවන ස්ථානයේ රැඳී සිටින අතර, රන් පදක්කම් 6 ක් සමඟ පදක්කම් 10 ක් දිනූ ඉන්දියාව තුන්වන ස්ථානයේ පසුවනවා.
රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 13 වන ස්ථානයයි.