දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිටි ඇනකොන්ඩා පැටවුන් දෙදෙනෙකු ඉන්දියාවට ලබාදී තිබෙනවා.
ඉන්දු – ශ්‍රී ලංකා සත්ව හුවමාරු වැඩසටහන යටතේ පසුගිය 28 වනදා මෙම ඇනකොන්ඩා පැටවුන් දෙදෙනා ඉන්දියාවේ මයිසූර් සත්වෝද්‍යානය වෙත භාරදුන් බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා ධම්මිකා මල්සිංහ සඳහන් කළේ.
මෙම සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ඇනකොන්ඩා පැටවුන් හයදෙනෙකු ලබාදීමට නියමිතයි.
ඒ වෙනුවට ඉන්දියාවෙන් නීලගවයන් සිව්දෙනෙකු සහ තවත් ක්‍ෂීරපායී සත්වයින් සිව්දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇති.
