Gossips

ශ්‍රී ලංකාවට 175 ක ඉලක්කයක්

නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 175 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 174 ක් රැස් කළා.
වේගවත් පිතිහරඹයක නිරතවූ ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කින්.
හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඊට ඇතුලත් වුනා.
මනීෂ් පාන්ඩේ 37 යි.
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳහෙලුවා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.