Gossips

ශ්‍රී ලංකාවට සාමාජිකත්වයක්

අත්‍යාවශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වන අන්තර් රාජ්‍ය කමිටුවේ ආසියා – පැසිෆික් කලාපයේ කමිටු සාමාජිකත්වය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ඒ, ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන හත්වන යුනෙස්කෝ සමුළුවේදියි.
රටවල් 8 ක් මෙහිදී ආසියා පැසිෆික් කලාපයේ ආසන 4 සඳහා තරග කර තිබුණා.
බංග්ලාදේශය, චීනය, ජපානය, කසකස්ථානය, තායිලන්තය, මැලේසියාව, පලාවු සහ ශ්‍රී ලංකාව එම රටවල් අටයි.
කෙසේ වෙතත් පලාවු රාජ්‍යය අපේක්ෂකත්වය ඉවත් කරගෙන ඇති අතර, ඒ අනුව චීනය, ශ්‍රී ලංකාව, ජපානය සහ කසකස්ථානය එහි සාමාජික රටවල් ලෙස ඡන්දයෙන් තේරී පත්වුණා.
ශී ලංකාව මෙහි පාර්ශවකරුවෙකු බවට පත්වුනේ 2008 වසරේදියි.