Gossips

ශ්‍රී ලංකාවට වැඩිම ණය චීනයෙන්

පසුගිය 2018 වසරේදී ශ්‍රී ලංකාවට වැඩිම ද්වි පාර්ශවික ණය ලබාදී ඇත්තේ චීනයයි.
මහබැංකුව නිකුත් කළ දත්තවලට අනුව චීනයෙන් එලෙස ලැබී ඇති මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවනවා.
ඊට අමතරව අනෙකුත් රටවල් සහ මූල්‍ය ආයතන සමඟ අත්සන් තැබූ ව්‍යාපෘති සඳහා ලැබෙන මූල්‍යාධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.13ක්.
චීනයෙන් ලැබුණු ඩොලර් බිලියනයක මූල්‍යාධාරය විශේෂයෙන් යොදාගෙන ඇත්තේ මෙරට ගෙවුම් ශේෂය පියවීම ආදී මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමේ පියවර සඳහා බව මහබැංකුව සඳහන් කළා.
ව්‍යාපෘති ණය සැලකූ විට ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 438ක මූල්‍යාධාර 2018 වසරේදී ශ්‍රී ලංකාවට ලබාදී ඇති අතර, ලෝක බැංකුව ලබාදී ඇති මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් මිලියන 104ක්.
ඊට අමතරව චීනය විසින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 85ක් ලබාදී තිබෙනවා.