Gossips

ශ්‍රී ලංකාවට ලැබුණු වැඩිම ණය

ආසියානු සංවර්ධන බැංකුව සහ චීනය මේ වසරේ පළමු මාස 4 තුළ ශ්‍රී ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබාදී ඇති බව රජයේ නිළ දත්ත මගින් අනාවරණ වනවා.
ද්වි පාර්ශවික සහ බහු පාර්ශවික ගිවිසුම් යටතේ ලැබුණු ඩොලර් මිලියන 512.12ක් ශ්‍රී ලංකාව වසරේ පළමු මාස 4 තුළ ආයෝජනය කර ඇති අතර, ඉන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 230කට ආසන්න ප්‍රමාණයක් ලබාදී ඇති බව සඳහන්.
චීනය ඩොලර් මිලියන 91ක් එලෙස ලබාදුන් අතර, ජපානය ඩොලර් මිලියන 55ක් ද, ලෝක බැංකුව ඩොලර් මිලියන 49ක් ද ලබාදී තිබෙනවා.
මීට අමතරව චීනය නව ව්‍යාපෘති සඳහා තවත් ඩොලර් මිලියන 80ක් ලබාදීම සඳහා ගිවිසගෙන තිබෙනවා.