Gossips

ශ්‍රී ලංකාවට ලකුණු 462 ක ඉලක්කයක්

එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 462 ක ඉලක්කයක් හිමිවි තිබෙනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 342 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 203 යි.
දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 322 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.
මේ වන විට දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකුත් නොදැවී ලකුණු 4 ක් ලබා සිටිනවා.
දිමුත් කරුණාරත්න සමගින් කෞෂාල් සිල්වායි පන්දුවට පහරදෙමින් සිටින්නේ.