Gossips

ශ්‍රී ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරඟය මේ වන විට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 346ක් රැස් කළා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ජෝ රූට් ලකුණු 124යි.
රොරි බර්න්ස් ලකුණු 59ක් රැස් කළා.
පන්දු යැවීමේදී අකිල ධනංජය එංගලන්ත දෙවන ඉනිමේ කඩුළු 06ක් බිඳ දැමුවා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 290ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 336ක් රැස් කළා.
ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 46ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්තය, තරඟයේ සිව්වන දිනය වන අද දිනයේ එංගලන්ත දෙවන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩසන් දැවී යනවිට එංගලන්ත දෙවන ඉනිම ලකුණු 346ක් ලෙස සටහන් වී තීබුණා.
මේ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව ලකුණු 301ක් ලබාගත යුතු වෙනවා.