Gossips

ශ්‍රී ලංකාවට ලකුණු 250 ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 249ක් රැස්කළා.
මෙම තරඟය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ තරඟාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් අද තරඟය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතයුතුවීම හේතුවෙන්.
කෙසේ වෙතත් ආරම්භයේ පටන් අගනා ලෙස පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ආරක්ෂාකාරීව පහරදෙමින් සිය ඉනිම ගොඩ නැගුවා.
ඒ අනුව ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah පන්දු 90කදී හතරේ පහර 5 ක් සමඟ ලකුණු 72 ක් රැස්කළා.
Ihsanullah ලකුණු 45 යි.
මේ අතර අද තරඟය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීමද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූවා.
එහිදී රැකගත හැකිව තිබූ උඩපන්දු රැසක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගියා.
එවැනි පන්දු රැකීම් හමුවේ ඇෆ්ගනිස්ථානයට අමතර ලකුණු එක්කරමින් පන්දුව හතරේ සීමාව පසුකර යාමේ අවස්ථා කිහිපයක් සිදුවූයේ ශ්‍රී ලංකාවට පිත්තෙන් ලබාදියයුතු පිළිතුර තවදුරටත් දුරට ගෙන යමින්.
මෙම දුර්වල පන්දු රැකීම් අතරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුවිශේෂ බලාපොරොත්තුවක් වූ ලසිත් මාලිංගගේ කඩුලු පොතට එක්වීමට තිබූ කඩුලු කිහිපයක්ම ගිලිහී ගියා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට මද අස්වැසිල්ලක් ගෙන එමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ගෞරවය අද තරඟයේ දී රැකගැනීමට සුපිරි ක්‍රීඩක තිසර පෙරේරා සමත් වූවා.
එපමණකින් නොනැවතුණු ඔහුගේ පන්දු හමුවේ අසරණ වූ ඇෆ්ගනිස්තාන පිතිකරුවන් 5 දෙනෙකු යළි ක්‍රීඩාගාරයට හැරී ගියා.
පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 2 ක් දවාගත්තා.
මාලිංග දුෂ්මන්ත ෂෙහාන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
තරඟයේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්.