Gossips

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන මුහුදු මාර්ගය සොයා ගැනේ

ඇෆ්ගනිස්ථානයේ සිට ඉරානය හරහා ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන ගමන් මග මේ වනවිට නිෂ්චිතව අනාවරණ කරගෙන ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා ත්‍රිවිධ හමුදාවේ කාර්ය භාරය පිළිබදව දැනුවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමග කොළඹදී අද පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.