Gossips

ශ්‍රී ලංකාවට බලපෑම් නොකරන ලෙස ඉල්ලා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව පිලිනොගන්නා බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පවසනවා.
ශ්‍රී ලංකාවට බලපෑම් නොකරන ලෙස මානව හිමිකම් කවුන්සිලයට බලකරමින් ඔවුන් ජිනිවා හිදී ඊයේ (10) උද්ඝෝෂණයක ද නිරත වී තිබෙනවා.
ජගත් දේශප්‍රේමී ශ්‍රී ලාංකික සංසදය සංවිධාන කළ උද්ඝෝෂණය සඳහා යුරෝපයේ විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් රැසක් එක්ව සිටියා.
ජිනිවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැය 2ක පමණ කාලයක් පැවැත්වුණා.