Gossips

ශ්‍රී ලංකාවට බලපෑම් කරන යෝජනාවක්, ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට

මෙවර ජිනිවා මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් රාජධානිය සැරසෙනවා.
ශ්‍රී ලංකාවේ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන එම යෝජනාව ඔවුන් ඉදිරිපත් කරන්නේ කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟයි.
2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව ඉදිරිපත් කිරීමට ද එම කණ්ඩායම එක්වුණා.
බ්‍රිතාන්‍යය රජය සඳහන් කළේ නව යෝජනාව හුදෙක් 2015 වසරේ සම්මත වූ යෝජනාවේ ඇතුළත් වගකීම් ක්‍රියාවට නැංවීම අවධාරණය කිරීම සඳහා ඉදිරිපත් කරන බවයි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද බ්‍රිතාන්‍ය රජය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.
ඒ සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරයේදී සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කෙරෙනවා.
එම සැසි වාරය ලබන 25 වන දා සිට මාර්තු 22 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.