Gossips

ශ්‍රී ලංකාවට පදක්කම් 6 ක්

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 9 වන දිනය වන අද (13) වනවිටත් සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියාව සමත්ව සිටින්නේ රන් පදක්කම් 65 ක්, රිදී පදක්කම් 49ක් සහ ලෝකඩ පදක්කම් 51 ක් සමඟින් පදක්කම් 165 ක් ලබා ගනිමින්.
එංගලන්තය දෙවන ස්ථානය සහ ඉන්දියාව තුන්වන ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකාව පදක්කම් 6 ක් ලබාගනිමින් මේ වනවිට පසුවන්නේ 27 වන ස්ථානයේයි.
බොක්සිං ඉසව්වෙන් අද (13) ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට හිමිකරදීමට ඉෂාන් බණ්ඩාර සහ තිවංක රණසිංහ සමත්වුණා.
එසේම මීටර 100 පිරිමි සහය දිවීමේ ඉසව්වෙන් අවසන් තරගයට සුදුසුකම් ලැබීමටද ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.