Gossips

ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක් (ඡායාරූප)

18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මෙතෙක් එක් පදක්කමක් හෝ ජයග්‍රහණය නොකළ ශ්‍රී ලංකා පිළට කණ්ඩායම් තරඟයකින් පදක්කමක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා.
ඒ, සත් සාමාජික රග්බි ඉසව්වේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා පිළ සුදුසුකම් ලැබීමත් සමඟයි.
අද පැවැති අර්ධ අවසන් පූර්ව තරඟයකදී ශ්‍රී ලංකා පිළ ලකුණු 17ට 12ක් ලෙස චීනය පරාජයට පත් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා පිළට අවසන් පූර්ව වටයේදී ජපානය සමඟ තරඟ වැදීමට සිදුවනු ඇති. අනෙක් අවසන් පූර්ව තරඟය පැවැත්වෙන්නේ කොරියාව සහ හොංකොං අතරයි.