පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවන පදක්කම ශ්‍රී ලංකාවට ගෙන ඒමට බර එසවීමේ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකා දිනුෂා ගෝමස් මීට සුළු වෙලාවකට පෙර සමත් වූවා.
ඒ කාන්තා කිලෝග්‍රෑම් 48 බර එසවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගනිමින්.
මේ අතර අද දිනයේ තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට හිමිවූ අතර ඒ චතුරංග ලක්මාල්ගෙන්.
එහිදී කිලෝග්‍රෑම් 56 බර එසවීමේ ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම හිමිකරගැනීමට ඔහු සමත් වූවා.
