ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලේ 4 වන ඇගයීමෙන් අනතුරුව තවත් වාරිකයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ තීරණය කර තිබෙනවා.
ඒ අනුව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 252ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වනු ඇති.
ඒ සමඟම තුන් අවුරුදු ණය වැඩසටහන යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1014 ඉක්මවනවා.
