Gossips

ශ්‍රී ලංකාවට තවත් ලකුණු 74 ක ඉලක්කයක්

සංචාරක එංගලන්ත පිල සමග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය වන අද, වර්ෂාව නිසා තරගය නතර කරන විට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටියා.
එංගලන්ත පිල දෙවන ඉනිම සදහා ලකුණු 346 කට දැවී ගිය අතර ශ්‍රී ලංකා පිලට හිමිවූයේ ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක්.
එය හඹා යන ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 88 ක් රැස් කළ අතර, දිමුත් කරුණාරත්න ලකුණු 57 ක් ලබා ගත්තා.
රෝෂෙන් සිල්වා ලකුණු 37 යි.
නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 27 යි.
තරගයේ එක් දිනක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් අතැතිව ශ්‍රී ලංකා පිල තවමත් සිටින්නේ එංගලන්තයට වඩා ලකුණු 74 ක් පිටුපසින්.