ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 3000 බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වුණා.
එසේම, මීටර් 800 බාලිකා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ ඩිල්ෂි කුමාරසිංහයි.
ඇය මිනිත්තු 2 යි තත්ත්පර 4 යි දශම 5 යි 3 ක දක්ෂතාවක් එහිදී දක්වා තිබූ අතර, එය නව ශ්‍රී ලංකා වාර්තාවක් ද වනවා.
