අවි ආයුධ භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පුහුණුවක් ලබාදීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකිකයින් විසි දෙදෙනෙකුට ඒ පිළිබදව පුහුණුව ලබාදීමටයි කටයුතු යොදා ඇත්තේ.
සුදුස්සන් තෝරා ගැනීම මේ දිනවල සිදුකරන බව ද ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළා.
