Gossips

ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ජනපති කොමිසම හමුවට

ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අද පළමු වරට එම සමාගමේ සිදුවූ වංචා දූෂණ සෙවීම සදහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.
ඊට අමතරව, එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන ද කොමිසම වෙත පැමිණි අතර, ඔවුන්ගෙන් පැය 8 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
කොමිසම හමුවේ ශ්‍රී ලංකන් සහ මිහින්ලංකා සමාගම්වල නිලධාරින් කිහිපදෙනෙකු පසුගියදා සාක්ෂි ලබාදුන්නා.
එහිදී ශ්‍රී ලංකන් සමාගමේ කළමනාකරුවන් දෙදෙනෙකු ප්‍රකාශ කර තිබුණේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ප්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ යානයක් සම්බන්ධයෙන් එවක දුන් තීන්දුවක් නිසා එක්කෝටි 17 ලක්ෂයකට අධික පාඩුවක් සමාගමට සිදුවූ බවයි.