Politics Sri Lanka

ශ්‍රී ලංකන් රැක ගැනීමට වෘත්තිය සමිති රැසක් එක පෙරමුණකට

ශ්‍රී ලංකන් රැක ගැනීමට වෘත්තිය සමිති රැසක් එක පෙරමුණකට

ශ්‍රී ලංකාන් ගුවන් සමාගම රැකගැනීමෙන් අරමුණෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ගුවන් සේවා නියමු සංසදය, ගුවන්යානා කාර්මික ශිල්පි සංසදය, ගුවන් යානා ඉංජිනේරු අංශය, අභ්‍යන්තර ගුවන් සේවා සත්කාරක සේවා සංගමය සහ ශ්‍රී ලංකන් විධායක සංගමය එක්ව කටයුතු කිරිම වෙනුවෙන් ඊයේ (23) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

පැවති ආණ්ඩු සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට වත්මන් ආණ්ඩුව පත් කළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියා කලාපයද විමර්ශනයට ලක් කළ යුතු බවත් එම වෘත්තීය සමිති නායකයන් අත්සන් කළ අවබෝධතා ගිවිසුමෙන් පසු තිබූ මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ ය.

ඔවුන් පවසන්නේ මෙතෙක් ගුවන් සමාගම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අක්‍රමිකතා සිදු කළ පුද්ගලයින් තවදුරටත් නිදැල්ලේ පසුවන බවය.