ශ්‍රී ලංකන් ගුවන් සමාගම, කේටරින් සමාගම මෙන්ම මිහින් ලංකා සමාගම්වල සිදුවී ඇති බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.
ඒ, එම කොමිසමේ පරීක්ෂණ කටයුතු පිළිබඳ ප්‍රගතිය විමසීමටයි. පසුගියදා ලබන වසරේ පෙබරවාරි 15 වනදා දක්වා මෙම කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුවයි.
