Gossips

ශ්‍රී ලංකන් පෞද්ගලීකරණය අමාත්‍ය මණ්ඩලයට

ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණයට අදාළ කැබිනට් පත්‍රිකාවක් නුදුරේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
ගුවන් සේවයේ සියයට 49 ක කළමනාකාරීත්ව කොටස මෙලෙස පෞද්ගලීකරණය කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව ඉදිරියේදී ටෙන්ඩර් කැඳවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාර්ශවකරුවන් තීරණය කරනු ඇති.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ එමිරේට්ස් කළමනාකාරිත්වය පැවති සමයේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලැබූ ආයතනයක්ව පැවති බවයි.
පටු පෞද්ගලික අරමුණු අනුව එම කළමනාකාරීත්වය ඉවත් කිරීමෙන් අනතුරුව එය පාඩු ලැබීමට පටන් ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.