Gossips

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 11 දෙනෙකු සහ මගීන් 268 ක් සමඟ ලන්ඩන් සිට කොළඹ බලා පියාසර කරමින් තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් හදිසියේ ජර්මනියේ – ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා.
ඒ එහි සිටි මගියෙකු ඊයේ (01) රාත්‍රියේ හදිසියේ රෝගාතුරවීම හේතුවෙන්.
යානය තවදුරටත් ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපලේ නවතා ඇති අතර, මගීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඒ – 330 වර්ගයේ මෙම එයාර් බස් යානය ලන්ඩන් නුවරින් පියාසර කිරීම ආරම්භ කර තිබුණේ බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ රාත්‍රී 8 ට පමණයි.
එය කටුනායකට ළඟා වීමට නියමිතව තිබුණේ අද දහවල් 12 යි 57 ටයි.
කෙසේ වෙතත් සිදුවූ ප්‍රමාදය නිසා යානය අද රාත්‍රී 8 යි 30 ට පමණ ශ්‍රී ලංකාවට ළඟා වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.