ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන පත්කර තිබෙනවා.
ඒ, මීට පෙර සභාපතිවරයා ලෙස කටයුතු කළ රංජිත් ප්‍රනාන්දු ඉල්ලා අස්වීමත් සමඟයි. එමෙන්ම එහි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ මනෝ තිත්තවැල්ල ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබුණා.
