Gossips

ශ්‍රී ලංකන් ගුවන් යානයක් ජර්මනියට ගොඩබස්වයි

මගීන් 268 ක් සමඟ ලන්ඩන් සිට කොළඹ බලා පියාසර කරමින් තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් හදිසියේ ජර්මනියේ – ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා.
ඒ එහි සිටි මගියෙකු හදිසියේ රෝගාතුරවීම හේතුවෙන්.
කෙසේ වෙතත්, යානය තවදුරටත් ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපලේ නවතා ඇති අතර, යානයේ සිටි මගීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ.