Gossips

ශ්‍රී පාද සමය අවසන් සදාතුක කරඩුව සහ දේවාභරණ ගල්පොත්තාවල රජ මහ විහාරස්ථානය දක්වා වැඩමවීම ඇරඹේ( ඡායාරූප)

2017-2018 ශ්‍රි පාද වන්දනා සමය අද (30) උදැසන අවසන කිරිමෙන් පසු ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව සහ දේවාභරණ නල්ලත්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා අද පස්වරුවේ වැඩම කරවා තිබෙනවා.
ඒ අද (30) දහවල් පැවති ආගමික වතාවන් වලින් අනතුරුවයි.
එසේ වැඩම වු සදාතුක කරඩුව සහ දේවාභරණ පෙරහැරවල් දෙකක් වශයෙන් පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානය දක්වා වැඩම කරනු ලැබුවා.
එමෙන්ම අද(30) උදැසන මෙවැනිම පෙරහැරක් ශ්‍රිපාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දල රජ මාවත ඔස්සේ ගමන් ආරම්භ කළා.
මාර්ග තුනකින් වඩම්මවන සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ අද රාත්‍රියේ සිට හෙට (01) පස්වරු 3 දක්වා තැන්පත් කර තිබෙනවා.
ඉන් අනතුරුව සදාතුක කරඩුව,සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ සබරගමුව පලාතට ආවේනික විශේෂ පෙරහැරක් මගින් ගල්පොත්තාවල රජ මහ විහාරස්ථානය දක්වා වැඩම කර ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තබන බවයි ශ්‍රි පාදස්ථාන හිමියන් කියා සිටියේ.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ )