හැටන් – පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ සිසු සිසුවියන් 70 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් කොටගල – ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (22) දහවල් අනුභව කළ ආහාරයක් විෂවීම හේතුවෙන් මෙලෙස ඔවුන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සවිත්‍රි ශර්මා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ රෝහල්ගත කළ සිසු සිසුවියන්ට පාචනය, ක්ලාන්තය සහ වමනය යන රෝග ලක්ෂණ පවතින බවයි.
