Gossips

ශ්‍රී පාද වන්දනා සමයේ සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර අලෙවි කළ 20කට දඩ

පසුගිය දා අවසන් වූ ශ්‍රී පාද වන්දනා සමය තුළ වන්දනාකරුවන් සඳහා සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් ආහාරපාන අලෙවි කළ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ 40,000ක දඩ මුදලක් ලෙස අය කරගෙන තිබෙනවා.
මස්කෙලිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල සෝමදාස කියා සිටියේ නල්ලතණ්ණිය ශ්‍රී පාද මාර්ගයේ ඉදිකටුපාන දක්වාත්, මස්කෙලිය – නිශ්ශංක උයන යන ප්‍රදේශවලත් සිදුකළ වැටලීම් 32කදී මෙම නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි.