Gossips

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කතක් හදිසියේ මියයයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ඉකුත් 03 වැනිදා මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ, පේරාදෙණිය, කිරිමැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි, දෙදරු මවක් වන කේ.එම්.පියසීලී කරුණාරත්න නැමති හැත්තෑ දෙහැවිරිදි කාන්තාවක්.
ඉකුත් 02 වැනිදා වන්දනා නඩයක් සමග ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණ ඇති මෙම කාන්තාව, නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදය වන්ඳනාකර ආපසු නල්ලතන්නියට පැමිණෙමින් සිටියදී අතර මගදී අසාධ්‍ය තත්වයෙන් පසුවූ නිසා මස්කෙළිය රෝහල වෙත රැගෙන යන අතරදී මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.
මෙම මරණය සම්බන්ධව මරණ පරීක්ෂණය මස්කෙළිය හදිසි මරණ පරීක්ෂක නරසිංහ පෙරුමාල් විසින් මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේදී ඉකුත් 03 වැනිදා පවත්වා, දීර්ඝ කාලයක් තිස්සේ පවතින අධික රුධිර පීඩනය හේතුවෙන් සිදුවූ ස්වභාවික මරණයක් බවට නිගමනය කර තිබෙනවා.