බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය මඟ හැරීම හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමිණි පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙනවා.
ගාල්ල ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පිරිසක් මෙලෙස නොසන්සුන්කාරී අයුරින් හැසිරී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන් අද උදෑසන 10.30ට හැටන් දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා උඩරට දුම්රියෙන් ගමන් කිරීමට ආසන වෙන් කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ප්‍රමාද වී පැමිණීම නිසා දුම්රිය පිටත්ව ගොස් තිබූ අතර ඊට උරණවීම හේතුවෙනුයි ඔවුන් මෙලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත්තේ.
කෙසේ වෙතත් වන්දනාකරුවන් චෝදනාකරන්නේ තමන් පැමිණි ලංගම බස් රථයේ ප්‍රමාදය හේතුවෙන් තමන්ට දුම්රිය මගහැරීගිය බවයි.
