Gossips

ශ්‍රී පාද වන්දනාකරමින් සිටි අයෙක් හදිසියේ මියයයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු ඊයේ රාත්‍රී මියගොස් තිබෙනවා.
හිගුරක්ගොඩ ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් සමග පැමිණි මෙම පුද්ගලයා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
56 හැවිරිදි එක්දරු පියෙක් වූ ඔහු වන්දනා නඩය සමග නල්ලතන්නියේ සිට ශ්‍රී පාදය කරුණා කරමින් සිටියදී හදිසියේ රෝගාතුර වී තිබෙනවා.
පසුව එම මාර්ගයේ පිහිටි පොලිස් මුරපොලවල නිලධාරීන් විසින් ඔහු නල්ලතන්නිය දක්වා රැගෙන විත් මස්කෙළිය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇතැයි සඳහන්.
මෙම පුද්ගලයා හෘදයාබාධයකින් පෙළෙන අයෙක් බවටයි ඥාතීන් සඳහන් කර ඇත්තේ.
ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.