Gossips

ශ්‍රී පාද රක්ෂිතය මායිමේ ගින්නක්

නල්ලතන්නිය – ලක්ෂපාන තේ වතුයායේ ශ්‍රීපාද රක්ෂිතයට මායිම්ව පිහිටි වගා බිමක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
හිරු වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන ඇති වූ මෙම ගින්නෙන් අක්කර 5ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැහැ.