ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කාර්යාලය තුල පිරිසක් මත්පැන් සාදයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල සැරිසරනවා.
විද්‍යා පීඨයේ කාර්යාලය තුලදී මෙලෙස මත්පැන් සාදයක් පවත්වා ඇත්තේ එහි රෙජිස්ටාර්වරයා සහ කාර්යාලීය සේවක පිරිසක් බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස මෙලෙස විද්‍යා පීඨයේ කාර්යාලය තුල මෙම මත්පැන් සාදය පවත්වා ඇත්තේ පසුගිය අඟහරුවාදා දින රාත්‍රියේ බව සඳහන්.
මොවුන් මෙම මත්පැන් සාදය පවත්වන අතර තුර එම ස්ථානයට පැමිණි විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුන් පිරිසක් එය වීඩියෝ ගතකර මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.
450ක පමණ සිසුන් පිරිසක් මේ වනවිට ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ නේවාසිකව අධ්‍යාපනය හදාරනවා.